Followers

Sunday, April 26, 2020

තනිකම...
බයානක දෙයක්..
දුක හිතෙන දෙයක්..
ඇස් වලට කදුලු ගේන දෙයක්...
ඒ විතරක් නෙවෙයි..
තරහව අවුස්සන දෙයක්...
හැබැයි..
නිවිහැනහිල්ලෙ තනි වෙලා බලපං..
රැල්ලට නෙවේ හදවතට දැනෙන්නම...
එහෙම තනිවෙච්ච එක වෙලාවක...
අහස උඹව සනසයි...
පොළව උඹේ කදුලු භාර ගනී...
අහසේ කුරුල්ලෝ උඹේ තරහා නිවයි..
ඒත් එක්කම උඹේ හදවත උඹට කියයි...
උඹ තනිවෙලා නෑ..
උඹේ දුකට,සතුටට හැම දේටම ඌ උඹත් එක්ක ඉන්නවා කියලා...
අන්න ඒ වෙලාවෙදි...
තේරුම් ගනිං..
තනිකමත් ජීවිතේ හැගීම් ගොන්නෙන් එක හැගීමක් විතරයි...
උඹට තනිකම වදයක්නම්..
නැගිටහං...
තනිකම හයියක් කරගෙන...
මොකද උඹ කොයි විදියට තනිවෙලා කියලා හිතුවත්... 
උඹේ හදවත..
කවදාවත් උඹව තනි කරන් නෑ...

Wednesday, September 4, 2019

ආභරණෙකින් හැදුන ගමක්...

                මේක ‌‌මේ පරම්පරාවෙන් ලැබුණ ‌‌‌‌දෙයක් ද නැත්තම් මගේ ‌‌ලොකුකම, ම‌ගේ මාන්නේ නිසා ඇති ‌‌වෙච්ච ‌‌දෙයක් ද කියලා මට තාමත් හරියට ම හිතා ගන්න බෑ. ඒ ‌කොහොම වුණත් වලව්කාර මාන්නය මා ළග ටිකක් තියෙනවා. ‌වෙලාවකට මටම හිතා ගන්න බෑ ‌මේ‌‌කෙ ‌තේරුම ‌මොකද්ද කියලා. සමහර ‌වෙලාවට යාලුවොත් හිනා වෙනවා 'උඹට පිස්සු' කියලා. ඒ ‌වෙලාවටනම් මට ඇත්තට ම පිස්සු ද කියලත් ‌නොහි‌තෙනවාම ‌නොවෙයි. ඒ ‌මොනවා ‌කොහොම වුණත් ඒ අපේ උරුමය, අභිමානය, ගෞරවය.


 අදටත් අපේ වලව්වේ මේ අභිමානය තියෙන්නේ ඒ නිසා ‌වෙන්න ඇති. කන්ද උඩරට සූරිය බණ්ඩාර වලව්ව කිව්වම ‌නොදන්න ‌කෙනෙක් නෑනෙ. අපේ අය කියනවා සුද්දා ගල විද්දේ නැත්තම් උඩරට නිළමෙලා, කුමාරිහාමිලා තාම කන්ද උඩම තමයි කියලා. ‌වෙලාවකට මටත් හිතෙනවා සුද්දා ගල විද්දේ නැත්තම් ‌හොදයි කියලා. එහෙනම් සමහර විට අපේ රට මීට වඩා ‌වෙනස් ‌වෙන්න තිබුණා.
                                 මම ‌මේ අ‌පේ නුවර වලව්වට සීයා පප්පා බලන්න ආවේ සති ‌දෙකකට විතර පස්සේ. අද උදේ ඉදලම වැස්ස. ඉර පායන පාටක් නම් ‌පේන්න නෑ. ඒ කියන්නේ අද මාළිගාවේ යන්න ‌වෙන්නෙත් නෑ. ‌මොනවා කරන්න ද කියලා මම ‌මේ කල්පනා කර කර හිටියේ මැද මිදුලට වැටෙන වතුර බිංදු දිහා බලාගෙන යි.
         
"මොනාද පුංචි ‌බේබි කල්පනා කරන්නේ"
           
              ඒ කටහඩත් එක්ක කල්පනා ‌ලෝකෙන් ටිකක් මෑත් වුණ මම බැලුවේ සුමනම්මා දිහා. මම දන්න දවසේ ඉදලම සුමනම්මා හිටියේ ‌මේ වලව්වෙම තමයි.

"සුමනම්මේ මම ‌මේ බැලුවේ වැස්ස පායන පාටක් නෑ ‌නේද කියලා. අද දවසත් මට ‌මේ වලව්වේ තමා ඉන්න ‌වෙන්නේ"
"නෑ ‌බේබි හවස් ‌වෙනකොට ඕක අඩුවෙලා යයි"
"සුමනම්මේ සීයා පප්පා ඇහැරල ද?"
"නෑ මයේ හිතේ පුංචි ‌‌බේබි ඉන්න මම බලලා එන්නම්"
"නෑ නෑ සුමනම්මා ඉන්න. මම බලන්නම්"
"‌හොදමයි ‌බේබි" එහෙම කියලා සුමනම්මා මට ඔළුවත් ටිකක් පහත් කරලා යන්න ගියේ හරි අපූරු හිනාවකුත් මුවේ තියාගෙන.‌
                                                                           මේ වලව්වට ආපු හැම දවසකම සීයා පප්පගේ පරණ බඩු පුරවලා තිබුණ කාමරේ වැඩි ‌වෙලාවක් ගත කිරීම මගේ පුරුද්දක් වුණා. ග්‍රැනී කියන විදිහටනම් ඒ කාමරේ බඩු ‌පෙරලන එක, දැන් ‌නෙවෙයි මගේ පුංචි කා‌ලේ ඉදන් ම තිබුණ පුරුද්දක්ලු. උඩ තට්ටුවේ ‌‌කෙළවරට ‌වෙන්න දැඩි අදුරු ගතියෙන් පිරුණු කාමරේ පිරිලා තිබුණේ සීයා පප්පගේ ‌පෙට්ටගම්වලින්. ඒවායින් සමහරක් මට උස්සනවා තියා ‌හොල්ලන්නවත් බැරි තරම් බරයි. ‌කොහොම  වුනත් මම වැඩිපුර ම ආස කළේ සීයා පප්පගේ පුස්කොළ ‌පොත් ටික බලන්න. සීයා පප්පා කියන විදිහට නම් ‌මේවා පරම්පරා බර ගණනක් පැරණි ‌පොත්ලු. ‌මේවගේ මුළු කන්ද උඩරට රාජධානියේම ඉතිහාසය ලියවිලා තියෙනවලු. ‌කො‌හොම වුනත් ‌මේ පුස්කොළ ‌පොත්වල නිධන් විස්තර, ‌පෙරහැර විස්තර, ඉඩම් භුක්තිය, ‌බෙත්‌හේත්, මාළිගාවේ පූජා විධි, ගම්වර ප්‍රධානය, කුල ‌බෙදීම්, උඩරට රාජධානියේ සෑම ගමක් නගරයක් ගැනමත් ‌තොරතුරු මනාව සදහන් ‌වෙනවා කියලා මම ‌තේරුම් ගත්තේ සීයා පප්පා කියලා දුන්නු කතාවලින් ම තමයි. අපේ රට ඉස්සර ‌කොච්චර ලස්සනට තියෙන්න ඇද්ද? වලව්කාරකමේ අභිමානයත් ‌මේ ලස්සන එක්කම බැදුණු ‌දෙයක් ‌නොවෙයි ද? ‌මේක වං‌ශේ කබල් ගෑමක් කියලා කිව්වට ‌මේ උරුමය අපේ ‌ලේවල තියෙන ‌වෙනම ‌දෙයක් ද ‌කොහේද..
                                                                            මෙලෙස පුස්කොළ  ‌පොත් තිබූ ‌පෙට්ටගම විවෘත කිරීමත් සමග ම දුර ‌ගොස් සිටි මගේ මනෝකාය යලි පියවි ‌ලොවට ආවේ සීයා පප්පගේ ආමන්ත්‍රණයත් සමගයි.

"ඉලන්දාරියා..මම හිතුවා හරි. සද්දයක් නැති ‌කොට මට එකත් එකටම හිතුනා ‌මේ කාමරේට ‌වෙලා ‌මොනවා හරි ‌පෙරලා ‌පෙරලා ඇති කියලා... ‌මොනවද අද ‌හොයා ගත්තේ?"
"සීයා පප්පා ‌මොකද්ද ‌මේ ‌ලොකු ‌පොත?" මම එතන තරමක් විශාලත්වයක් වැඩි පුස්කොළ ‌පොතක් සීයා පප්පාට දික් කරමින් විමසුවෙමි.
"සුදු පුතේ ‌මේක තමා ‌මේ මුළු ‌සෙංකඩගලින් භාගෙකටත් වඩා වැඩි ‌කොටසක ගම් නගරවල නම් හැදුන හැටි තියෙන්නේ"
"පට්ටනේ සීයා පප්පේ"
"‌මොකක් කිව්වා"
"නෑ නෑ සීයා පප්පේ මම ‌මේ කිව්වේ මරු කියලා"
"මතක තියා ගනින් සුදු පුතේ උඹ ‌මේ සූරියබණ්ඩාර වලව්වේ උරුමක්කාරයෙක් කියලා. ඔය ‌නොසන්ඩාල වචන පුරුදු ‌වෙනවා එහෙම ‌නෙවෙයි. ‌මෙතන ඉන්න තිබුණේ අපේ මැණිකේ. එහෙනම් ඉලන්දාරියට අද ඉන්න හම්බෙන්නේ නෑ"සීයා පප්පා එසේ පැවසුවේ මදක් උස් හඩින් සිනාසෙමින්.
"සමාවෙන්න සීයා පප්පා. සීයා පප්පේ මට අද ඔය පුස්කොළ ‌පොතෙන් කතාවක් කියල‌ා ‌දෙන්නකෝ."
"ම්ම්ම් එහෙනම් යමුකො බලන්න පල්ලෙහා පැත්තට..
ඔන්න අපේ මැණිකෙත් සුමනත් එක්ක එකතු ‌වෙලා ඉලන්දාරියට රස කෑමක් හදනවා මයේ හිතේ"
"ෂා.... ග්‍රැනී මට ආදරෙයිනේ."
                                                                              මම සීයා පප්පාට ‌‌පෙර තරප්පු ‌‌පෙළ බැස, පුස්කොළ ‌පොතද වම් අතෙහි තබා ‌ගෙන බස්තම ගසමින් තරප්පු ‌පෙළ බසින සීයා පප්පා ‌දෙස බලා සිටියේ උඩු රැවුලෙන් තව තවත් වැඩි ‌වෙන ඒ ‌තේජාන්විත බව ‌මෙනෙහි කරමින්. ‌වෙනදා නම් සීයා පප්පගෙන් හරි ග්‍රැනීගෙන් කතා අහන්න පුරුදු ‌වෙලා හිටියේ මැද මිදුලේ බංකුව උඩ ඉදන්. ඒත් අද උදේ ඉදන් වැස්ස නිසා එළියට යන්න විදිහක් නෑ. ඒ නිසා සීයා පප්පා කෑම කාමර‌ෙයේ තිබුණ විශාල ‌මේසයේ තම මුල් අසුනෙහි හිද ගත්තේ ය. මම ද ඔහු අසලින් ම වූ පුටුව ඇද ඉද ගත්තෙමි. ඒත් සමගම සීයා පප්පා දිගු සුසුමක් ඇද එය පහත ‌හෙලමින් පුස්කොළ ‌පොතෙහි පිටු එකිනෙක ‌පෙරලන්නට විය.

"සුදු පුතේ.."
"සීයා පප්පේ"
"‌මේ තියෙන්නේ කුණ්ඩසාලේ ගම හැදුන හැටි"
"‌කෝ..."  මම ඒ ‌දෙසට ‌බෙල්ල දිගු කළෙමි.
"දැන් ඔය ‌බෙල්ල දික් කරාට ‌‌මේකේ පින්තූර නෑ සුදු පුතේ.." සීයා සිනාසෙමින් කීවේ ය.
"හරි හරි ඉතිං මම නිකන් බැලුවේ.කියන්නනකෝ සීයා පප්පේ ඉතිං ඒ කතාව.."
"‌මේන් ‌මෙහෙමයි පුතේ...
                               අපේ ‌මේ ‌සෙංකඩගලින් සැතපුම් 4ක් ‌පෙරදිග මහවැලි ගගේ වම් ඉවුරේ තමයි ඕං කුණ්ඩසාලේ පිහිටලා තියෙන්නෙ.මේ කුණ්ඩසාලෙට නම හැදිච්ච විදිය බොහොම හාස්කමක් සුදු පුතේ..මේක මේ ආවට ගියාට සිද්ධ වුන දේකුත් නෙවෙයි.ජ්‍යෝතිශ ශාස්ත්‍රයේ එන මහා බලගතු පෙරනිමිති වලට අනුව සිද්ධ වුන දෙයක්. මේ කුණ්ඩසාලේ නම හැදිච්ච තැනට පුතේ අපේ රටේ ඇත්තෝ විතරක් නෙවේ ජම්බුද්වීපේ,,ඒ කියන්නේ දඹදිව ජ්‍යෝතිශ්‍යවේදියෙකුත් සම්බන්ධයි.
                                                                           දවසක් දඹදිව ජ්‍යෝතිශ ශාස්ත්‍රයේ දක්ශ බ්‍රාහ්මණ පණ්ඩිතයෙක් ග්‍රහචාර ගනිමින් සිටින අතරතුර පෙරනිමිත්තක් දකිනවා. මොකක්ද දන්නවද සුදු පුතේ..ග්‍රහ යුද්ධෙකදි ශනි දේවතාවාගේ කුණ්ඩලාභරණයක් ගැලවිලා වාලුකා නදියේ ඒ කියන්නෙ පුතේ මහවැලි ගගේ එක් තැනකට වැටෙන බව දැක්කලු..."
                                  මම සීයා පප්පගේ කතාවට බාධා කරමින්,
"සීයා පප්පේ, කුණ්ඩලාභරණයක් කියන්නෙ මොකක්ද"යැයි ඇසුවෙමි.
"සුදු පුතේ, කුණ්ඩලාභරණයක් කියන්නේ කනේ පළදින ආභරණයක්.."
"ම්ම් හරි හරි දැන් කතාව කියන්න සීයා පප්පේ.."
"ආ....මම කතාව කොතනින්ද නැවැත්තුවේ,මේ මේ කුණ්ඩලාභරණය මහවැලි ගග පැත්තට වැටිච්ච තැනින් නේද? ඔන්න ඔහොම පෙරනිමිති දැක්ක බමුණාගේ ගණිත දැනුම අනුව එතුමා දැනගන්නවා මේ කුණ්ඩලාභරණය වැටෙන්නේ ගුරුදෙණිය කියන ගමට කියලා.

ඊට පස්සෙ මේ කුණ්ඩලාභරණය සොයන අදහසින් මේ බමුණා ගුරුදෙණිය ගමේ පන්සලට ඇවිත් නවාතැන් ගන්නවා. මෙහෙම ගුරුදෙණිය පන්සලේ ඉන්න අතරතුර මේ බමුණා කුණ්ඩලාභරණය නිවැරදිව වැටිච්ච තැන සොයාගන්න දිවා රෑ නොබලා පූජා පවත්වලා තියෙනවා. මෙච්චර මහන්සියෙන් දිවා රෑ ස්තෝත්‍ර කියමින් මේ බමුණා කරන්න යන්නේ මොකක්ද කියලා ගුරුදෙණිය පන්සලේ අපේ ලොකු හාමුදුරුවන්ට සැකයක් ඇති වෙලා තියෙනවා. සුදු පුතේ, ඒ කාලෙ පන්සලේ ලොකු හාමුදුරුවෝ තමයි නැකැත් තුලා බලලා, බේත් හේත් කරලා, අව්වෙන් වැස්සෙන් ගම ආරක්ෂා කරගන්න පිරිත් කියලා ගම්මුන්ව ආරක්ෂා කළේ. ඒ කාලේ පන්සලේ ලොකු හාමුදුරුවෝ නොදන්න සාත්තරයක් නෑ.."
                              මම සීයා පප්පාගේ කතාවට බාධා නොකරමින් ඔහු කටින් පමණක් නොව ඇස් වලින් ඉරියව් වලින් පවා ඒ කියාපාන කතාව ඉතා ආසාවෙන් අසා සිටියෙමි.

"ඉතින් ලොකු හාමුදුරුවෝ මේ බමුණගෙන් ඇහුවා ඔය ගැන. ඊට පස්සෙ බමුණා තමා දුටු පෙරනිමිත්තත් සමග සියලු කතාව ලොකු හාමුදුරුවන්ට කීවා..ඒත් මේ බමුණා දන් නෑ ලොකු හාමුදුරුවෝ තමාටත් වඩා දක්ශ නක්ෂත්‍රවේදියෙක් කියලා. මේ කරුණු සාවධානව අහගෙන හිටපු ලොකු හාමුදුරුවෝ තමාගෙ දැනුමෙන් මේ කුණ්ඩලාභරණය වැටෙන නිශ්චිත වෙලාව දැනගන්නවා. කොහොම කොහොමහරි සුදුපුතේ,නියමිත වෙලාවට ග්‍රහ යුද්ධය සිද්ධ වෙනවා. මේ කුණ්ඩලාභරණය හොයාගන්න කැලේ කූඩාරම් ගහගෙන හිටපු බමුණා දැන ගන්නවා කවුරුන්ම හරි එය ඇහිදගෙන ගිහින් කියලා.ඒ විතරක් යැ,මේ සිද්ධියෙන් සන්තාපයට පත්වෙච්ච බ්‍රාහ්මණයා මහවැලි ගග අසබඩ සිය දිවි නසාගත්තා කියලා තමා සදහන් වෙන්නේ.."
"සීයා පප්පේ,එතකොට කව්ද කුණ්ඩලාභරණය ඇරගෙන තියෙන්නේ?කොහොමද කුන්ඩසාලෙ නම හැදුනෙ?.."
"අනේ අනේ ඉලන්දාරියෝ..!වෙන කවුද ඉතිං,ගුරුදෙණිය පන්සලේ ලොකු හාමුදුරුවෝ මිසක්. ඉස්සර පුතේ මේ පොළවේ තියෙන හැම දෙයක්ම අයිති වුනේ රටේ රජතුමාට. ඉතිං ඔය අහසින් වැටුන කුණ්ඩලාභරණෙත් අයිති වෙන්න ඕන රජතුමාටම තමා. ඒ නිසා අපේ ගුරුදෙණියේ ලොකු හාමුදුරුවෝ ඒ කාලේ රජකම් කරපු පළවෙනි විමලධර්මසේන රජතුමාට ඔය කුණ්ඩලාභරණේ භාරදීලා තියෙනවා. රජතුමා ඒකෙන් ප්‍රීතියට පත්වෙලා අපේ රට අදටත් ආරක්ශා කරන දළදා හාමුදුරුවෝ වඩා හිදුවන්න කුණ්ඩලාභරණෙන් රත්තරනින් පළා පෙත්තක් හදලා කියලා තමයි ලියවෙලා තියෙන්නෙ...ඒ විතරක්  නෙවෙයි සුදුපුතේ,ගුරුදෙණිය කදු මුදුනට වැටුනයි කියන ඔය කුණ්ඩලාභරණය විසිවෙලා ගිහින් වැටෙන්නේ මහවැලි ගගේ වම් ඉවුරේ තියෙන 'සාලා' කියන ප්‍රදේශයටලු. ඉතින් කුණ්ඩලාභරණය තිබුණ සාලා ප්‍රදේශය පස්සේ කාලෙක 'කුණ්ඩසාලේ'නමින් ප්‍රසිද්ධ උනා කියලා තමයි තියෙන්නේ"
"ඔන්න ඔහොමයි එතකොට කුණ්ඩසාලෙට ඒ නම ලැබිලා තියෙන්නේ..ඒක හරි ශෝක් කතාවක් නේද සීයා පප්පේ..මම ආසයි ඒ ගැන තවත් හොයන්න.ඔය කියන ජ්‍යෝතිශවේදය,නක්ෂත්‍ර ශාස්ත්‍රය ගැන එහෙම" "ඔය නක්ෂත්‍රය,ජ්‍යෝතිශවේදය ගැන එහෙම ලියවුන ඕනතරම් පුස්කොළ පොත් ඇති පුතේ ඔය කාමරේ. අපි හොයාගමුකෝ දවසක"සීයා පප්පා පැවසුවේ සිනා මුසු මුහුණෙනි.
"සීයගෙයි මුණුපුරාගෙයි කතාව ඉවරනම් දැන් එනවද තේ බොන්න..?"
                   
                               ග්‍රැනී මේසය මත වූ වැලිතලප පිගානක් පෙන්වමින් කීවාය. කිතුල් පැණි දමා සාදන ලද වැලිතලප දුටු මගේ කටට කෙළ උනන්නට විය.
"යමු සුදු පුතේ,තේ බොමු. අපි ඔය ගැන තව විස්තර ටිකක් හොයමුකො ම්ම්" කියමින් සීයා පප්පා පුටුවෙන් නැගිට්ටේ මගේ පිටටද තට්ටුවක් දමමිනි.                        
            මේ වගේ සෙංකඩගල ඉතිහාසය ගැන සැගවිලා තියෙන කතන්දර තව කොච්චරනම් ඇද්ද..මේ සූරියබණ්ඩාර වලව්වේ ඉතිහාසයත් මේ වගේම ලස්සන ඇති. සූරියබණ්ඩාර වලව්ව මූලික කරගනිමින් නුවර කලාවියේ ඇති මෙවැනි ගම් නගර ගැන වූ ජනප්‍රවාද ඇසුරෙන් පොතක් ලිවීමට මට ද සිත් විය. මේ අදහසත් සිතේ රදවාගෙන මම පුටුවෙන් නැගී සිටියේ ග්‍රැනීගේ වැලිතලප කෑල්ලක රස බලන්නටය...

                                                                                           
               
               
     
 
         
                               

Friday, August 9, 2019

නැදුන්ගමුවේ රාජා...



වර්තමානයේ ශ්‍රී දළදා පෙරහරේ සධාතුක කරඬුව වැඩමකරවන නැදුන්ගමුවේ රාජා ගැන තොරතුරු බිඳක්


  මහ නුවර දළදා පෙරහරේ ප්‍රධානම සංකේතය දළදා කරඬුවයි. වැඩ සිටින මාලිගය ඇතුළේ තැන්පත් කර ඇති පෙරහර කරඬුව පෙරහර සඳහා දියවඩන නිලමේ නිලංග දෑල මහතාගේ අතෙහි තැන්පත් කරන මොහොත සැබැවින්ම අසිරිමත් දසුනකි.
සුබ නැකතින් තේවා භාර ස්වාමින් වහන්සේ කරඬුව තැන්පත් කර ඇති වැඩ සිටින මාලිගයෙන් පිටතට ගන්නේ පංච තූර්ය නාද මධ්‍යයේය. ඒ අතරතුර කවිකාර මඩුවේ පිරිස උස් හඬින් ආශිර්වාද ගී ගයති. එසේ කරඬුව වඩමවන මඟ දෙපස සිට පල්ලේමාලේ රාලත්, ගෙපරාලත් (මාලිගාවේ රාජකාරි කරන පැරැණි නිල නාම ලත් දෙදෙනෙක්) සුදු මල් ඉසින්නේ මහත් බැතියකිනි.
එසේ ස්වාමින් වහන්සේ විසින් වඩමවන ලද කරඬුව දියවඩන නිලමේ තුමාගේ සුරතින් තබන්නට පෙර එතුමාගේ දෑත් සදුන් කිරි පැණින් දෝවනය කරගත යුතු වේ. ඉන් අනතුරුව එතුමාගේ සුරතේ පට ලේන්සු දෙකක් අතුරන්නේ කාරියකරවන කෝරාල සහ වට්ටෝරු රාල විසිනි.
තේවා භාර හිමියෝ දියවඩන නිලමේගේ සුරතේ කරඬුව තැන්පත් කරන්නේ ඉන් අනතුරුවයි. මේ මොහොතේ දියවඩන නිලමේ තුමන් සියලු වස්ත්‍රාභරණයෙන් සැරසී සිටීම අනිවාර්ය වේ.දළදා මාලිගයේ ඉදිරිපස දොරටුවෙන් ඇතුළු කරන ලද මංගල හස්ති රාජයා මේ වන විට රැඳි සිටින්නේ සිරිත් පරිදි පඩිපෙළ මතය. නිලමේ තුමා හස්තිරාජයාගේ පිටෙහි බඳින ලද රන්සිවිගෙයි කරඬුව තැන්පත් කරයි. තම පිට මත කරඬුව තැබීම ඉතා කීකරුව ඉවසමින් ඒ මාහැඟි අවස්ථාවට ඉඩ දෙන හස්තිරාජයා කරඬුව නිසි පරිදි තැන්පත් කිරීමෙන් අනතුරුව පඩිපෙළ බැස යන්නේ ඉතාම පරෙස්සමෙන් ගරු ගම්භීර ලීලාවෙනි. පෙරහර නිල වශයෙන් ආරම්භ වන්නේ මංගල හස්තිරාජයා මාලිගය ඉදිරිපිට සඳකඩ පහණ මතට පැමිණීමෙන් අනතුරුවය.
අලි ඇතුන් සහභාගි කරවාගෙන මෙතරම් අපූර්වත්වයෙන් සිදුකෙරෙන ලොව ඇති එකම පෙරහර ඔබ මේ දිනවල දකිනා ඇසළ පෙරහර මංගල්‍යයයි.මෙවර දළදා පෙරහර සඳහා සහභාගි වන අලි ඇතුන් සංඛ්‍යාව 85 ක් පමණ වෙති. දියවඩන නිලමේ නිලංග දෑල මහතා පවසන්නේ “පෙරහර සඳහා සුදුසු අලි ඇතුන් සොයා ගැනීම අතිශය දුෂ්කර කාර්යයක් වූ බවයි.”
අලි ඇතුන් කොපමණ සිටියත් කරඬුව වඩම වන්නේ ඊට සුදුසු සද්දන්ත කුලයේ හස්ති රාජයෙකුගේ උර මතයි.ඒ සඳහා ඉතා පිරිපුන් පි‍්‍රයමනාප පෙනුමකින් යුතු ඇතෙක් තොරා ගනු ලබයි. ඇතුගේ දළ පිහිටීම මෙන්ම පිට මත රන්සිවිගෙය තැන්පත් කරන ‘වත පුටුව‘ නම් ඇතුන්ගේ පිටෙහි පලඳන පුටුවක් ආකාරයේ ආසනය තැන්පත් කළ හැකි පළල් පිටක් තිබීම මෙන්ම කරඬුව තැන්පත් කිරීමෙන් අනතුරුව කන් සෘජුව තබාගෙන ගම්භීර ලීලාවෙන් යුතු ඇත් ගමනකින් ගමන් කළ හැකි හස්තිරාජයෙකු වීම ද විශේෂත්වයකි.
මේ වන විට වන අලි ගහනය කොතෙක් වැඩි වුවද හීලෑ අලි ඇතුන් ප්‍රමාණය අඩු වී ඇත්තේ අපට සිටි හස්තිරාජයන් කිහිප දෙනෙකුම පසුගිය කාලයේ මියගිය නිසාය.දළදා කරඬුව වැඩම වීමට සුදුසුකම් ඇති හස්තිරාජයන් අද සිටින්නේ දෑතෙහි ඇඟිලි ගණනටත් අඩු ප්‍රමාණයකි. ඒ අතරින් ද වඩාත් රූපශ්‍රීයෙන් හෙබි ඇත් රජෙකු ලෙස මේ වන විට අවිවාදයෙන්ම පිළිගැනෙන්නේ ‘නැදුන්ගමුවේ රාජා’ යි.
පනහ දශකයේ මුල්භාගයේදී මානසික රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමට ප‍්‍රචලිත මෙරට භික්‍ෂුවක් ඉන්දියාවේ මයිසුර් ප‍්‍රාන්තයේ – ”මහරාජා” වරයකුට ප‍්‍රතිකාර කිරීම සඳහා එහි ගියේය. හිමියන් ගේ ප‍්‍රතිකාරවලින් නිට්ටාවට සුවය ලද ”මහරාජා” පුද පඬුරු ලෙස අවශ්‍ය මොනවාදැයි හිමියන්ගෙන් විමසා සිටියේ ඉල්ලන ඕනෑම මුදලක් ගෙවීමට සූදානමිනි.එම ස්වාමීන් වහන්සේ කිසිම මුදලක් ලබාගැනීමට ප‍්‍රතික්‍ෂේප කළත් එක ඉල්ලීමක් මහරාජා වෙත ඉදිරිපත් කර සිටියේය. ඒ ඉන්දීය ඇතෙකි. එක් ඇතෙක් වෙනුවට ඇත් පැටවුන් දෙදෙනෙකුම ත්‍යාග ලෙස එම හිමියන්ට ලැබුණේය.
පිළියන්දල – නීලම්මහර විහාරස්ථානයක වැඩ වාසය කළ ඒ හිමියන් සතුව සිටි ඒ එක් ඇත් පැටවකු අද වන විට ආසියාවේ සිටින හීලෑ ඇතුන්ගෙන් උසම ඇතාය. 2005 වසරේ සිට අඛණ්ඩව ශ්‍රී ලංකා දළදා මාලිගාවේ ඇසළ පෙරහැරේ කරඬුව වැඩම කරලීමට වාසනාව ලද මේ හස්ති රාජයා ගම්පහ නැඳුන්ගමුවේ ඇත්රජුය. මෙවර ඇසළ පෙරහැරේ දළදා කරඬුව වැඩම කිරීම ද නැඳුන්ගමුවේ හස්තියාට භාරවී තිබේ.
නැඳුන්ගමුවේ හස්තියාගේ විශේෂත්වය නම් පෙරහැරකට සහභාගී වීමට කිසිදිනක වාහනයකින් ගමන් නොකිරීමයි. ලංකාවේ පවත්වන ඕනෑම පෙරහැරක් සඳහා හස්තියා යන්නේ පා ගමනිනි. හස්තියාගේ වත්මන් හිමිකරු වන නැඳුන්ගමුව වෙද පරපුරේ වත්මන් නියෝජනය වන වෛද්‍ය හර්ෂ ධර්ම විජය මහතා පවසන පරිදි ඇතෙකු වාහනයක රැගෙන යාම එම සතාට කරන බලවත් වූ හිංසාවකි. තට්ටුව සහිත දිග ලොරිවල පටවාගෙන යෑමේදී එම සතා විවිධ දුෂ්කරතාවලට ලක්වෙයි. වාහනයේ ගැස්සීම්, තිරිංග තදකිරීමේදී ඇතිවන පීඩනය එම සත්ත්වයාට දරාගත නොහැක. තමාට ඇති අසීරුතාව පිළිබඳ පැවැසීමට සතාට නොහැකිය. තම දැවැන්ත ශරීරය පාලනය කර ගනිමින් ඉතා අයාසයෙන් යුතුව යන මේ ගමන්වලින් සත්ත්වයා විවිධ ලෙඩ රෝගවලට ලක්වී උගේ පරමායුෂද අඩුවේ.
නුවර දළදා පෙරහැර පමණක් නොව, රත්නපුර මහ සමන් දේවාලයේ පෙරහැර, බෙල්ලන්විල පෙරහැර, කැලණි පෙරහැර, ගම්පහ සාම විහාරයේ පෙරහැර, කඩුවෙල රන්කඩුදේවාල පෙරහැර හා වාද්දුව පෙරහැරටද සහභාගි වන හස්තියා එහි යන්නේ පා ගමනිනි. ඇත්ගොව්වා සමග පා ගමනින් යන හස්තියාගේ ගමන නිරීක්‍ෂණය කිරීම සඳහා හර්ෂ විජය වෙද රාළහාමිද වාහනයෙන් යයි.
මහනුවර දළදා මාලිගාවේ පෙරහැර පටන් ගැනීමට දින 5කට කලින් ගම්පහ – නැඳුන්ගමුවෙන් පිටත්වන හස්තියාගේ පළමු දින රාතී‍්‍ර නවාතැන වන්නේ පස්යාලයි. දෙවැනි දින රාති‍්‍රය වරකාපොළ, නතරවන හස්තියා තෙවැනි දින කෑගල්ලේ නතර වෙයි. හතරවැනි දිනයේ මාවනැල්ල ප‍්‍රදේශයේ රාති‍්‍රය ගතකරන හස්තියා තම ඇත්ගොව්වාද සමග පස්වැනි දිනයේදී මහනුවරට ළඟාවෙයි. අලූයම පිබිදී පා ගමනින් යන හස්තියා අව් රශිමිය දැඩි දහවල් කාලයේ විවේක ගනියි. නැවතත් හවස් යාමයේ ගමන පටන්ගෙන රාතී‍්‍ර කාලයේ විහාරස්ථානයක නවාතැන් ගනියි.
හර්ෂ විජය මහතාට අනුව අලි ඇතුන් දැඩි අව් රශ්මියේ යාමට අකමැතිය.ඒ අවස්ථාවේ හස්තියාගේ කටින් කෙළ පෙරෙයි. ඌ යම්කිසි පිඹීදීමක් ද කරයි. වාහනයක දමාගෙන යනවිට ඌට මෙවැනි දේ දැක්වීමට ඉඩකඩක් නැත. විවේක ගැනීමටද අවස්ථාවක් නැතිවීමෙන් විශාල වශයෙන් සත්ත්වයා දුර්වල තත්ත්වයට පත්වේ.රත්නපුර මහ සමන් දේවාලයේ පෙරහැරට සහභාගිවීමට යන්නට හස්තියා දින තුනක් තිස්සේ පා ගමනින් යයි. කැලයක සිටින අලියෙකු වුවද තම ආහාර සපයා ගැනීමට දිනකට කී.මී. 15ක් 20ක් පමණ පයින් ගමන් කරයි. උගේ ජීවන පැවැත්මට එය අනිවාර්යයෙන් අවශ්‍ය අංගයක් බවද පැවැසේ.ආසියාවේ සිටින හීලෑ ඇතුන්ගෙන් උසම ඇතා ලෙස පැවසෙන නැඳුන්ගමුවේ හස්තියාගේ උස අඩි 11 1/2කි.
සම්පූර්ණයෙන්ම ශාක භාක්‍ෂක සතෙකු වන අලියාට පළතුරු දීමට බොහෝ අය උත්සාහ කළත් පළතුරු විශාල ප‍්‍රමාණයක් කෑ විට සතාට දරුණු බඬේ අමාරුව හැදෙන බව හර්ෂ විජය වෙද රාළහාමි කියයි. එම නිසා සත්ත්වයාට ආදරයෙන් පළතුරු නිතර ලබා නොදෙන්නැයි ඔහු හස්තියා බලන්නට එන පිරිස් වලින් ඉල්ලීමක් කරයි.හර්ෂ විජය වෙද රාළහාමිගේ පියාණන් වන අභාවප‍්‍රාප්ත ධර්ම විජය වෙද රාළහාමි විසින් මෙම හස්තියා මීට කලකට පෙර ලබාගෙන ඇත උදාවන සෑම සිංහල අලූත් අවුරුද්දකදීම නැකතට හස්තියාගේ තෙල් ගැල්වීම එදා සිට අදටත් අඛණ්ඩව කරගෙන යයි. මෙම හස්තියා සමග ඉහත කී හිමි නම මෙරටට ගෙන ආ අනින් හස්තියා කොළඹ ගංගාරාමයේ සිට පසුගියදා මියගිය -නවම් රාජාය.
කවදාවත් මිනිස් ජීවිතයකට හානි නොකළ නැඳුන්ගමුවේ හස්තියා ගේ විශේෂත්වය වන්නේ පෙරහැරට සහභාගිවී සිටියදී මද කිපුණහොත් කිසිදු කලබයක් නොකර පෙරහැරේ ගමන් කිරීමයි. සාමාන්‍යයෙන් මද කිපුන අලියකු පෙරහැර සඳහා සහභාගී කර නොගත්තත්, පෙරහැරේ ගමන් කරන අතරවාරයේදී මද කිපීම සිදුවේ. මේ අවස්ථාවලදී බොහෝ අලි ඇතුන් කලබල කළත් නැඳුන්ගමුවේ ඇතා තම පාඩුවේ පෙරහැරේ ගමන් කරයි.වෛද්‍ය හර්ෂ විජය මහතා පවසන පරිදි ඇතකුගේ පිට කරඬුව බැඳීම ඉතා අමාරු කාර්යයකි. බඳවටා විවිධාකාරයෙන් පටි තද කිරීමෙන් සතාගේ පෙනහලූ පවා තද වේ. අනතුරුව අවසන් වශයෙන් කරඬුව ගැට ගැසීම නිසා තවත් ඌ පීඩනයට පත්වෙයි. ඒ නිසා පෙරහැරේ ගමන් ගන්නා විට හස්තියාගේ හැසිරීමද එයට බලපානු ලැබේ. නමුත් ”බෞද්ධ ප‍්‍රබෝධය” මගින් ඒ සියල්ල පාලනය වෙයි.
2005 වසරේදී හා හා පුරා කියා දළදා කරඬුව වැඩම කිරීම සඳහා හස්තියාව තෝරාගන ලැබුවේ දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල මහතාය.
එතෙක් සම මට්ටමක උසකින් යුත් හස්තින් කරඬුව වැඩම කිරීම නිසා කරඬුව බැඳීම ගැටලූවක් වූයේ නැත. නමුත් අඩි එකොළහකටත් වඩා උස නැඳුන්ගමුවේ හස්තියාගේ පිටෙහි කරඬුව ගැට ගැසීම යම් ප‍්‍රශ්නකාරී තත්ත්වයකට පත්වූයේ හස්තියාගේ උස නිසාය.
කරඬුව තැන්පත් කරන මංජුසාවේ නිමාවේ යම් වෙනසක් කරන්නට ද සිදුවූයේ මෙම හස්තියාගේ උස වැඩිකම නිසාය.නැඳුන්ගමුවේ ඇතාගේ දළ අඩි හතරක් දිගය. ධර්ම විජය මහතා පවසන්නේ තවත් අඩි 2ක් පමණ ශරීරය තුළට දළ ගැබ්ව ඇති බවය. දක්‍ෂ දේශීය වෛද්‍යවරුන් වන ධර්ම විජය හා හර්ෂ විජය වෙද පරපුරේ ප‍්‍රතිකාර නිසාත්, දිනපතා ලැබෙන පෝෂ්‍යදායි ආහාර සත්කාරය නිසාත්, නැඳුන්ගමුවේ හස්තියා දළදා සමිඳුන්ගේ ආශිර්වාදය මැද යහතින් වැජඹෙයි. හස්තියාගේ පින්තූරයක් ගන්නට අපි හර්ෂ විජය මහතාගේ නිවෙස පිටුපස සිටි ඇතා ළඟට ගියෙමු. ඌ මහත් අභිමානයකින් කුංච නාද කළේය. හොඬවැල උඩට එසවිය.
නැඳුන්ගමුවේ ඇත් රජුනි , ඔබට ශ්‍රී දළදා සමිඳු පිහිටයි

Saturday, July 27, 2019

නිහඩ මැදියමක....

නිසොල්මන් හිස් අහසෙ,
කලුවර ම රජයන පැයක..
එකදු තරුවක්වත්,
නොපෙනෙන යාමයක..
මුළු ලොවක්
නිදියන මහ රැයක..
නෙත් පියන් ,
අඩවන් වූ පැයක....
කවුළු පියන්
වසනට අවසර නැතිව......
නුඹත් ,මමත්
මේ වෙහෙසෙනුයේ....
සිව් වසරක.....
උපාධි සිහිනයේ අතරමංව
නොවෙද...?

Sunday, July 21, 2019

පුන්චියෙකුගේ පැතුම

     පවුලේ බාලයා විදියට චූටිම කාලෙ ඉදන් ම මට ලැබුණු ආදරේ අද ඔයාට අයිති වෙලා...එදා මං වෙනුවෙන් ඔයාගෙ අම්මිගේ,මාමිගේ,ආච්චි අම්මිගේ අතේ ගුලි වෙලා ආපු චොක්ලට් පෙත්ත,විස්කෝතු පෙට්ටිය අද ඔයා වෙනුවෙන් වෙන් වෙලා...අම්මා නැතුව නිදාගන්න බැරුව හිටපු මම,අද ඔයා ආච්චි අම්මට තුරුල් වෙලා නිදියන හැටි එහා ඇදේ ඉදන් බලාගෙන ඉන්නවා...
                                    ඒත් පුදුමයි,,,එදා ඔයාගෙ ආච්චි අම්මා මට නොදී ඔයාගෙ අම්මිට දෙන චොක්ලට් පෙත්තට,ඇගිලි විස්කෝතුවට වගේම,,,,ඔයාගෙ අම්මි,ආච්චි අම්මිට 'ආදරෙයි' කියලා ලං වෙනකොට ඒ පුන්චි හිතට දැනුණු දුක,තරහා අද ඔයා මේ දේවල් විදිනකොට ඔයා වෙනුවෙන් චුට්ටම චුට්ටක්වත් මේ හිතට දැනෙන්නේ නැහැ...කාටවත් ම උදුරගන්න ඉඩ දුන්නැති ඒ මං වෙනුවෙන් ගොඩනැගුණු ආදරේ එහෙම්පිටින් ම ඔයා වෙනුවෙන් වෙන් කරන්න උනත් අද මේ හිතට පුලුවන් වෙලා...ඉතින්,,,මේ ආදරෙත් එක්කම ඔයාගෙ අම්මි,තාත්ති වගේම මේ පුංචිත් බලන් ඉන්නවා ඔයා දවසින් දවස ලොකු වෙනහැටි...ලොකු නෝනා කෙනෙක් වෙලා මේ ලෝකෙ දිනන හැටි....
                ආදරෙයි❤️❤️❤️❤️

Saturday, July 20, 2019

නූතන ගීතය

නූතන ගීතය
              “රෝස මලේ නටුවේ කටූ - වන බඹරෝ ඔහොම හිටූ...”
 නූතනයේ ගීත ගැන කතා කිරීමට පෙර මොහොතකට සිතා බලන්න කුඩා අවධියේ අප කාගෙත් ජනප්‍රියම ගීතය. සින්දුවක් කියන්න යැයි පැවසූ විට නොයෙකුත් ඉරියව් වලින් මේ ගීතය ගැයූ අයුරු සිහිවන විට කොයි කාගෙත් මුවගට සිනහවක් එනවා නොඅනුමානය. හොදින් කල්පනා කර බැලූවිට හය හතර නොදත් අවධියේ ඒ ගැයූ ගීත වලින් අනාගතයට ආදර්ශයක්,උපදේශයක් ව්‍යංගාර්ථයෙන් පවසා ඇත. නමුත් අවාසනාවකට අප නොදැනුවත්වම මහා සැඩ සුළගකට එක් දෙසකට ගසාගෙන යන කුණු රොඩු ගොඩක් මෙන් අප සියළු දෙනා රසයක් නැති හිස් මාවතකට වැටී හමාරය. දැන් ඔබ අප සැම ඒ හිස් මාවතේ හිස් හදවත් ඇත්තවුන් වී ඇති බව පිළිගත යුතු ම සත්‍යයකි.
                                                            ගීතය යනු එක්තරා ආකාරයක භාවනාවකි. එකී භාවනාව දැන් විහිළුවකි. ඛේදවාචකයකි. අද තරුණ පරපුරේ අයෙකුගේ දුරකථනයක පැරණි ගීතයක් වැරදීමකින් හෝ තිබෙනු දැක ගත නොහැකි ය. වචන පෙළක් ඉතා සරලව ලියා තනුවක් දමා ගැයූ පමණින් එය ගීතයක්යැයි වැළද ගන්නා පරපුරක් දැන් බිහි වී හමාරය. මේ සියල්ල නිර්මාණය වන්නේ මනස සමගයි. තර්කානුකූල චින්තනයක්,කලාත්මක චින්තනයක් නැති රසයක් නොහදුනන පරපුරකට අමු අමුවේ අර්ථ ප්‍රකාශනයක් මිස ව්‍යංගාර්ථයක් රසවත්ව වටහා ගැනීමට තරම් දියුණු මනසක් නැත. එබැවින් අමරදේවයන්ගේ,කපුගේ ගේ,ටී.එම් ජයරත්නයන්ගේ ගීත අද පරපුරට රුස්සන්නේ නැත. ඔවුන් වැළදගන්නේ රසිකයාට සිතන්නට කිසිවක් හෝ ඔවදනක් හෝඅඩුම තරමින් සියුම් රසාස්වාදයක්වත් උරුම කර නොදෙන ශෛලියකින් රචනා කර ඇති ගීතයි. අද විරහව නිසා සියදිවි නසා ගත්තත් එදා විරහව තුළත් සුන්දරත්වයක් ගැබ් කරන්නට එදා ගීත රචකයා සැබැවින්ම සමත් වී තිබුණි. එදා විරහව නිසා සිත තුළ උපන් දුක ඉතාමත්ම සුන්දර අයුරින් වචනයට පෙරළීමට තරම් දියුණු මනසක් මිනිසාට විය. තම පෙම්වතිය හැර ගිය මොහොතක එදා ‘විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ පයට පොඩි වී ගියාදෙන්..පතිකුළයට අද මට පිටු පා යන මගේ සොදුරු ළදුනේ..’යැයි පවසා රිදෙන හදවත සුවපත් කර ගත්තද අද ඒ වෙනුවට නූතන පරපුර අතර ගැවසෙන්නේ පොළවේ වැළලෙන බව පවසමින් හඩා වැටෙන අදෝනා නොවේද...?
                                                         අද ගීතය විරහව යන තේමාවට පමණක්ම සීමා වී ඇත. කෙසේ වෙතත් සමාජයේ වැඩි වශයෙන්ම පවතින්නේ ආදරයේ විරහව මිස ආදරයේ සුන්දරත්වයක් නොවේ. හදවතේ සුන්දරත්වයක් නොමැතිව ජීවිතය සුන්දර කර ගන්නේ කෙසේද? සියල්ල රදා පවතින්නේ හදවතේ ස්වභාවය මතයි. සිතා බලන්න..සාමකාමී,සොදුරු,සියල්ල මැදහත් සිතින් දරා ගත හැකි හදවතක් අදෝනාවකින් බිහි වන්නේ කෙසේද?
                                    ‘ආදරයේ උණුහුම ලග දුක දැනෙන්නේ නෑ
දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නේ නෑ
ජීවිතයේ හැමදාමත් සැප රැදෙන්නේ නෑ
සිනහා වෙවී සිනහා වෙවී කල් ගෙවන්න බෑ’
මෙවැනි ගීතයකින් සවනට ලබා දෙන මිහිර, ආදර්ශයක් ද රසයක් ද හදවත් තුළ ජනිත කරයි. එතුළින් සොදුරු මිනිසෙක් බිහි වේ. නමුත් අද මුදලට යට වී තිබෙන කලාව පහසුවෙන්ම වචන දෙක තුනක් ගලපාගෙන නිර්මාණයක් කරනවා මිස එතුළින් හරවත් යමක් සමාජයට දීමට උත්සහ නොගනී. කවියේ කෝෂ්ඨාගාරය යැයි කීවත් වරදක් නැති ‘ප්‍රබුද්ධ’ කාව්‍යමය ග්‍රන්ථයේ මහගමසේකරයන් පවසා ඇත්තේ,
‘වැඩ ඇරී එන කලට ඔබ සමග
සෙනග පිරී ගිය දුම්රියක
අහුලාගෙන හිස් සිගරට් පැකට්ටුවක්
ඒ මත පැන්සල් කෙටියකින්
කුරුටු ගාන්නට මට ඇත කවියක්’
                           කවිය,ගීතය යනු හදවතේ පෙළගැසෙන සිතුවිලි පෙළකි. එය ඉතා සෞම්‍ය විය යුතු මිස වැලපීමක් නොවිය යුතුය. සියල්ලටම පෙර අප තුළ නිදාසිටින ‘රහක් අදුනන කලාකරුවා’ අවදිකර ගත යුතුය. එතැන් සිට ඉදිරි පරපුරට රසවිදිය හැකි ගීත කලාවක් ගොඩ නැගිය යුතුය. එවිට පැරණි සුභාවිත ගීත තරුණ පරපුර සමග මුසුවන දිනයක් ඉක්මනින්ම උදාවෙනවා නොඅනුමාන ය.
                                                                 
     


    එච්.ජී.දිල්කි තරංගනී

ලෝකයේ ගිනිකඳු

ගිනිකඳු  - පෘථිවි පෘෂ්ඨයේ පෘෂ්ඨයේ භූගෝලීය සැකැස්ම, මැග්මා මතුවේ. නම රෝම දෙවියාගේ ගිනිනිවිල - වුල්කන්. වර්තමානයේ පෘථිවියේ ක්රියාකාරී ගිනි කඳු 1000 කට වඩා තිබේ. ඊළඟට අප විසින් ගිනිකඳු වර්ගීකරණය කිරීමට ඔබව හඳුන්වා දෙනු ඇත, ඒවායේ බහුතරයක් සිටින ස්ථානය කුමක්ද කියාත්, ඉහළම හා වඩාත්ම ජනප්රිය ලෙස සලකනු ලබන දේ ඔබට පවසනු ඇත.

ගිනි උල්පත්: රසවත් තොරතුරු

ගිනිකඳු විශාල වර්ගීකරණයක් ඇත. ඉතින්, හැමදෙයක්ම ලෝකයේ ගිනිකඳු  වර්ග 3 කට බෙදා ඇත: 
   විශේෂ (තයිරොයිඩ්, ස්ටොටොව්ලොකැනෝ, ස්පාඤ්ඤ කෝටු, පොලොව්); 
   ස්ථානය (භූමිය, බිම්, දිය යට); 
   ක්රියාකාරිත්වය (වඳවී යාම, නිදාගැනීම, වැඩ කරන).
සෑම ගිනි කන්දක්ම පහත සඳහන් කොටස් වලින් සමන්විත වේ: 
   ප්රධාන ආවාටය; 
   පාර්ශ්වීය ආවාටය; 
   මුඛය. 



  සමහර ගිනිකඳු ලාවා ගලා නොයයි. ගිනිකඳු ගිනි කඳු ද ඇති අතර, ගයිසර් පශ්චාත්-ගිනිකඳු කඳවුරු වලට අයත් වේ.

ලෝකයේ ගිනිකඳු කොහෙද?

බොහෝ ගිනිකඳු පිහිටා ඇත්තේ ඇන්ඩීස්, ඉන්දුනීසියාව, අයිස්ලන්තය, හවායි සහ කමචාකා යන ප්රදේශවලය. කෙසේ වෙතත්, ඒවා හාවිතාකාරී නොවන නමුත් දැඩි ලෙස අර්ථ දක්වා ඇති කලාප: 
   පැසිපික් ගිනිකඳු ගිනි නමින් හැඳින්වෙන කලාපයේ බොහෝ ගිනි කඳු පිහිටා ඇත්තේ ඇන්ඩීස්, කෝඩිලේරා, කැම්බැට්කා, ෆිලිපීනය සහ නවසීලන්තය යන ප්රදේශවලය. සියල්ලම පාහේ පවතී ක්රියාකාරී ගිනි කඳු  ලෝකයේ ඉඩම් - 540 න් 328 ක්. 
   තවත් ප්රදේශයේ පිහිටීම - Alpide තීරය, මධ්යධරණී මුහුද (Santorini, Etna, Vesuvius) ඇතුළු සහ ඉන්දුනීසියාව, සියලුම ලෝක බලවත් පුපුරා දර්ශන දක්වා විහිදී: 1815 දී Tambora හා Krakatoa 1883 දී. 
   සමස්ත ගිනිකඳු දූපත් සෑදීමේ මැද-අත්ලාන්තික් රීජය කදිම උදාහරණ: කැනරි දූපත්, අයිස්ලන්තය.

ලෝකයේ ක්රියාකාරී ගිනි කඳු

ඉහත ක්රියාකාරී ගිනි කඳු බොහොමයක් ඉහත සඳහන් කලාප වල පිහිටා ඇත. බොහෝ විට, අයිස්ලන්තයේ ගිනි කඳු පුපුරා යයි, වරින් වර යුරෝපයේ ඉහලම ගිනි කන්දක් සිහිපත් කරයි - එට්නා. විශේෂයෙන් බහුලව දන්නා අනෙකුත් අය, 
   මෙක්සිකෝ නගරයට යාබදව පිහිටි පොප්කොතේපෙට්; 
   වෙසුවාස්; 
   මූනා ලෝ; 
   නියාගංගොන්ගෝ (ඩී.ආර්. කොන්ගෝ) නඟා සිටුවමින් ලාවා තාපාංකය පිහිටා තිබේ.

ලෝකයේ ගිනිකඳු උල්කාපාතය


බොහෝ විට ගිනි කඳු ක්රියාකාරී පිපිරීම් සම්පූර්ණ කරයි. ඔවුන්ගෙන් සමහරක් වඳ වී යනු ඇත, අනෙක් අය නිදා ගැනේ. ලෝකයේ ගිනිකඳු උල්කාපාතය  (මීටර් 6893) හා ගල්කිස්ස Aconcagua ගිනිකඳු සම්භවය (දකුණු ඇමරිකාවේ ප්රධාන උපරිම) - දැනට ලෝකයේ වැඩිම ගිනි කන්දක් නැත ඇන්ඩීස්, ද ඇතුලු ලොව පුරා පිහිටා ඇති.
බොහෝ විට වනාන්තර ගිනිබත්   නිදසුනක් ලෙස, නිරීක්ෂණාගාර ලෙස භාවිතා කරනු ලබන්නේ, නිදසුනක් ලෙස, හවායි දූපත්වල පිහිටි මවුන් කී ය. මාර්ගය වන විට, එහි උස මීටර් 10 205 ක් වන අතර දියමංකාර කොටස සැලකිය හැකි නම්, එය ප්රධානතම ගිනි කඳු ලෙස හඳුනාගෙන ඇති මුන්කාවා ය.

ලෝකයේ ජනප්රිය ගිනිකඳු

දුෂ්කර පුපුරා ගැනීම් පිළිබඳ කථා, සමස්ත නගර විනාශ කිරීම හා දූපත් විනාශ කිරීම සෑම දෙයක්ම අසා තිබේ. මෙන්න අපි මෙහෙම කියන්නම්: 
   ඉතාලියේ වෙසිවියස් (ඉතාලියේ මෙම කුඩා ගිනි කඳු (මීටර් 1281)) පොම්පෙයි නගරය විනාශ කළේය. මෙම මොහොත පවා බ්රුඅල්ලොව්ගේ චිත්රය "පොම්පේගේ අවසාන දිනය" අල්ලාගනු ලැබුවා. 
   එට්නා - ඉහලම ගිනි කඳු  වරින් වර පුපුරා යන යුරෝපයේ. අවසාන වසංගතය 2015 මැයි මාසයේදී සිදුවිය. 
   ක්රකතාු යනු ඉන්දුනීසියාවේ ගිනිකඳු වූ අතර, 1883 දී එය පරමාණු බෝම්බ 10,000 ක් පිපිරීමෙන් සමාන විය. දැන් එහි ස්ථානයේ නව ගිනි කන්දක් වන ඉනක්-ක්රකතාවු. 
   ටම්බෝරා. 1815 දී එය කරන නිසා ගිනිකඳු ශීත (අළු වායුගෝලය දූෂණය) සිදුවූ පරිදි, අපේ කාලයේ ඉතා බලගතු පුපුරා පැවති අතර, 1816 දී ගිම්හාන තොරව වසර බවට පත් විය. 
   මින්නේන් ශිෂ්ටාචාරය විනාශ කළ අතර, මධ්යධරණී මුහුදේ සමස්ත දිවයිනක්ම විනාශයට පත් කළේය. 
   මිනිත්තු කිහිපයක් ඇතුලත මොන්ටෙ-පෙලේහි ශාන්ත පියරේ වරාය විනාශ විය. 36,000 ක් මිය ගියහ 
   යෙලෝස්ටන් කැල්ඩෙරා යනු ලෝක සිතියම වෙනස් කළ හැකි සුපිරි ගිනිකොනියක් විය හැකිය. 
   කිළිනංස්රෝ අප්රිකාවේ ඉහලම ස්ථානයයි.
විශාල ගිනි කන්දකගේ අලංකාරය සහ මහිමය සැමවිටම ආකර්ෂණීය පුද්ගලයෙකු විය. වැඩබලන යෝධයාගේ බලය අතිශයෝක්තියට නැංවෙන්නේ නැත - එහි බොහෝ අළු පාෂාණ සහ අසරණ ලාවා සඳහා වූ අළු විසිරී ඇති අළු බොහෝ පොත්පත් වල රූපවාහිනියෙහි පෙන්වා ඇත. ගිනිකඳු ඉහළ සහ ඉහළය, පුපුරා යාමේ සිදුවිය හැකි තවත් විනාශයකි.
නවීන ලෝකය තුල, විද්යාඥයින්ට ක්රියාකාරී ගිනි කන්දක් ක්රියාකාරිත්වය පුරෝකථනය කළ හැකි අතර, එමගින් බොහෝ ගොදුරක් වළක්වා ගැනීමට හැකි වුවද, "ස්වභාවයේ ගිනිමය හුස්ම" ශක්තිය සහ කාලසීමාව සමහර විට ගණනය කළ නොහැකිය. ජනතාව අතර විශාලතම උනන්දුව වන්නේ ඉහළම, විශාල ගිනිකඳු, භූගෝලීය තැටිවල සන්ධිස්ථානයක නිර්මාණය කරන ලදි. මෙම ලැයිස්තුවේ මුහුදු මට්ටමේ ඉහළම උන්නතාංශය ඇති අය.

ටුන්ගුවාවු

ඉක්වදෝරය භූමියෙහි පිහිටා ඇති යෝධ ගිනි කඳු මුදුන 5023m වේ. මුහුදු මට්ටමේ සිට නම "ගිනි උගුර" ලෙස හැඳින්වේ. 1999 සිට මේ දක්වා ගිනිකොන ප්රදේශ විශේෂයෙන්ම ක්රියාකාරී වී ඇති අතර ඒ අසල පිහිටි ගම්මාන සියල්ලම ඉවත් කිරීමට තීරණය විය. 2012 දී සහ 2014 දී විශාල වසංගතයක් වාර්තා වී ඇති අතර, ප්රාදේශීය අධිකාරීන් තැඹිලි මට්ටම් අනතුරක් හඳුන්වා දුන්නේය. කිලෝමීටර් 10 ක පමණ උසකට අළු කපා. විශාල ජනාවාස කිහිපයක් කිලෝමීටර 150 කට වඩා දුරින් විය. වර්තමානයේ ටුන්ගුරුවා කුඩා ක්රියාකාරකම් ද සිදු වේ.


ඉක්වදෝරයෙන් තවත් යෝධයෙක්. දේශීය උපභාෂාව තුළ, එය "ගරුබිය" මෙම අතිවිශිෂ්ට හා ලස්සන ගිනි කඳු 5230m ක උසකින් යුක්ත වේ. විද්යාත්මක දත්ත වලට අනුව, මීට වසර 14,000 කට පෙර 14,000 කට වැඩි කාලයක සිට මීටර 100 ට වඩා වැඩි විෂ්කම්භයකින් යුත් විවරයන් තුනක් ඇති ගිනිකැටියකි. 1628 දී පළමුවන විශාල විශාල පිපිරීම සිදුවිය. පසුගිය ශතවර්ෂයේ 30 දශකයේ සිට සංගායි නිරන්තරයෙන් ඉරිතලා තිබේ. අවසන් ක්රියාකාරිත්වය 2007 දී. අද දක්වා ගිනිකොණෙහි ගිනිකොණ මුදුනට නැඟී ඇති අතර ගිනිකොණ සක්රීය ලෙස ක්රියා කරන අතර, වරින් වර පෙරලා දමා ඇත. එහෙත්, ආදරය කරන්නන්ට ඇඩ්රිනලින් වාඩිවී ඇත. මාර්ගයේ කොටසක් මෝටර් රථය මත ඉතිරි, ඉතිරි විශේෂ කුකුළු මත. දින 2-3 ක් ගතවේ.

5426m ක උසකින් යුත් ගිනි කන්දක්, ක්රියාකාරී වේ. පිහිටීම - මෙක්සිකෝව. අමිහිරි විහිළු නාමයක් "දුම් පානය" ලෙස පරිවර්තනය කර ඇත. ගිනිකොන අවට ගම්වල සහ ගම්වල ජනගහනය මිලියන 20 ක ජනගහනයකින් සමන්විත විය. මිනිස්සු. ගිනි කන්දයේ ඕනෑම ක්රියාකාරකමක් පිළිබඳ අවසන් සඳහන 1994 දී විය. එහෙත් 1947 දී ගිනිකඳු පුපුරා යාමෙන් කිලෝමීටර් 30 ක අර්ධයක් ඇතුලත ආවරණය වී ඇති තරම් ඈෂ් බිමක් ඉවතට ගෙන ඇත. සැබෑ, කෛරාටික ස්වභාවයේ සංචාරකයන් සහ ප්රේක්ෂකයන් සමඟ එය ජනප්රියය.

මීටර් 5822 ක උසකින් යුත් ක්රියාකාරී ගිනිකොනියක්. පේරු ප්රදේශය තුළ පිහිටා ඇත. ගිනිකොන දිග විශාලතම විෂ්කම්භය මීටර් 130 කි. 15 වන ශතවර්ෂයේ විශේෂිත බලවත් ක්රියාකාරිත්වයක් ඇරැකිපා නගරයට පසුව ඇති වූ "සුදු නගර" ලෙස හැඳින්වෙන බොහෝ කරදරවලට හේතු විය. දේශීය ජනයා පූජනීය කන්දක් ලෙස හැඳින්වේ. වර්ෂ 1998 දී පුරාවිද්යාඥයින්ගේ පුරාවිද්යාඥයන් විසින් ඉන්ක්කා මම්මී හා වටිනා පුරාවිද්යා භාණ්ඩ කිහිපයක් සොයාගත්තා. ගිනි කන්ද සමඟ සම්බන්ධ බොහෝ ගුප්ත කතාන්දර ඇත. පසුගිය සියගණනක් තිස්සේ පුපුරා ගිය පුපුරන පිපිරීම් ඉවක් බවක් නැති නමුත් සංචාරකයන්ගේ ආකර්ෂණය වැඩි විය. ගිනිකඳු මුදුනේ හිම ආවරණය නොවූ විට සංචාරක කන්නයේ උච්චතම මැයි සහ සැප්තැම්බර් මාසවල වැටේ. ඉතාම නිර්භය ලෙස, ආවාටයන්ගෙන් එකකට කිට්ටුවෙන් පිහිටා ඇත.


අප්රිකාවේ ඉහලම ස්ථානය (මුහුදු මට්ටමේ සිට මීටර් 5895m) ක්රියාකාරී ගිනි කන්දයට අයත් වේ. කිලිමංඟෝරෝ බොහෝ ලස්සන චිත්රපට හා සාහිත්යයේ සඳහන් වේ.
යෝධ දැවැන්තයාගේ පිපිරීම් නිල වශයෙන් වාර්තා වී නැත. එහෙත් මීට වසර 200 කට පෙර ගිනිකන්ද හැදුවේ තරමක ආක්රමණශීලී ලෙසයි. කිලිනොච්ච්රෝ සංචාරකයින් අතර විශාල ඉල්ලුමක් පවතී. කන්ද තරණය කිරීම ඉතා සරල වන අතර විශේෂ කුසලතා අවශ්ය නොවේ. අවාසනාවකට මෙන්, ජනප්රිය "හිම කැටය" මෑතදී උණුසුම් වී ඇත. මන්ද පසුගිය 100 ග්ලැසියර 80% කින් අඩු වී ඇත.

මීටර් 5911 ක උසකින් යුත් ගිනි කන්දක්. ග්රහ ලෝකයේ විශාලතම ක්රියාකාරී ගිනි කඳු ලැයිස්තුවේ. 1738 පටන් ගිනි කන්දක් 50 වතාවක් වඩා අඩුය දරුණු පිපිරීමක්  පසුගිය අගෝස්තු 15 වනදා වාර්තා කරන ලදී. Cotopaxi 1768 විනාශකාරී පුපුරා සඳහන් ගිනිකඳු පිළිබඳ විස්තර ලේඛණාගාරය සිට - "ගිනිකඳු වසන්තයේ හුස්ම කවුළුව මැද වාෂ්ප සහ අළු විශාල තීරුව නැඟිට, දින කිහිපයකට පසුව ගිනි ලාවා ගැලුම් වත් කළා ය. ඒ අතරම, භයානක භූමිකම්පාවක් ආරම්භ විය. ලටකුන්ගා නගරයට සම්පූර්ණයෙන්ම විනාශ විය. " අද චොපැක්සි "ඉක්වදෝරයේ කාඞ්පත්" ලෙස හැඳින්වේ. ගිනිකඳු සමුලුව පරාජය කිරීම සඳහා කඳු නගින්නන් සිය ගණනක් මෙහි පැමිණෙනවා. එහෙත් ග්ලැසියරවල නිරන්තරයෙන් දියවී යාම නිසා ප්රාදේශීය බලධාරීන් එය පිළිගන්නේ නැත. බොහෝ අනතුරු වාර්තා කර ඇත.

සැන් පේද්රෝ


යෝධයා ක්රියාකාරී ගිනි කන්දක්  චිලියේ අටකාම කාන්තාරයේ අද්දර පිහිටා තිබේ. මුහුදු මට්ටමට ඉහළින් ඇති ගිනි කඳු මුදුන මීටර් 6145 කි. 1960 දී අවසන් ක්රියාකාරිත්වය සමරනු ලැබීය. සංචාරක මාර්ග නොමැත. සෑම මොහොතකම අසල්වැසි ජනාවාසයේ වැසියන්ට සැබෑ අනතුරක් ඇති කළ හැකිය.


උස මීටර් 6310 කි. ඉක්වදෝරයේ ඉහලම ස්ථානය. වර්තමානයේ එය වඳවී ගොස් ඇති නමුත් අපේ යුගයේ 5-7 ශතවර්ෂ ගණනාවකට පමණ ගිනි උදුනක් ඇති විය. අනිවාර්යයෙන්ම ගිනි කන්ද මුළු ප්රදේශය ග්ලැසියරවලින් ආවරණය වී තිබේ. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් ග්ලැසියර විශාල වශයෙන් අඩු වී ඇත. පැහැදිලි කාලගුණික තත්ත්වයන් යටතේ, ගිනි කඳු කිලෝමීටර 150 ක දුරින් දැකිය හැකිය. සංචාරකයන් සහ කඳු නගින්නන් අතරින් චිම්බෝරසෝ ඉතා ජනප්රියයි. සමහර අය පවසන්නේ සමහර ගිනි කන්ද ගිනි තපිමින් ගලා යන ආකාරය අසනු ලබන බවයි. ශීත ඍතුව හා ගිම්හානයේදී බෑවුම් මත වායුගෝලීය උෂ්ණත්වය පවතින බැවින් ඔබට ඕනෑම කාලයකදී චිම්බෝරසෝ සමුලුව ජයගත හැකිය.

ක්රියාකාරී ගිනි කඳු අතර නායකයෙකි. මුහුදු මට්ටමට ඉහළින් උස මීටර් 6739 කි. 1877 දී වාර්තා වූ පිපිරීම් අවසාන විය. ග්ලැසියරයේ මුදුනේ මුදුනේ ඉහළින් පිහිටා ඇති අතර, ඔහු පොළොවේ වඩාත් වියළි පාළුකරය අතර පිහිටා ඇත - අටකමා. ගිනි කඳු මුදුනේ සිදු කළ සුවිශේෂී කැණීම්, වසර 500 කට පමණ පෙර ඉක්කා දරුවන්ගේ මළකඳන් මෙම කන්ද පරිශුද්ධ භාවය ගැන කථා කරන බව සොයා ගැනීමට උපකාරි විය. ස්වදේශික ඉන්දියානුවන් ගුප්තකාරය විසින් "රවටන්නෙකු" ලෙස නම් කරන ලදී. ගිනිකොනියේ හිම පතනය වන්නේ ටොන් 6,5 ක උසකින් ඉක්මවා ගොස් ලෝකයේ උසම ස්ථානයයි. මීටර්. ගිනිකොණ මුදුනට නැඟීමට සමත් වූ වාසනාවන්තයින්ට කඳුවැටි හා සුවිශේෂී භූ දර්ශන දැකගැනීමේ දීප්තිමත් හා උතුම් අදහස් දැකීමට අවස්ථාව ලබා දී ඇත.

ලෝකයේ ඉහළම ගිනි කන්දක් චිලී හා ආර්ජන්ටිනාව ආවරණය කරයි. අපගේ ශ්රේණිගත කිරීමේ ශූරයාගේ උස මීටර් 6887 කි. මුහුදු මට්ටමේ සිට මෙම ගිනි කඳුවීම සුවිශේෂී වන්නේ අක්ෂර 6390 ක උන්නතාංශයයි. ලොව උසම විල පිහිටා තිබේ. නිරීක්ෂණයේ සමස්ත ඉතිහාසය තුළ ගිනිකඳු ක්රියාකාරිත්වය ඉතා සක්රීයව පැවතුණි. පසුගිය ශතවර්ෂයේ දී සල්ෆර් හා ජල වාෂ්ප නිකුත් කරන ලදී. ගිනිකොන අසල චිලී සිට කොපියානෝ නගරය. සෑම වසරකම කඳු නගින්නන් හා සාමාන්ය සංචාරකයින් විශාල සංඛ්යාවක් රැස්වීම් පවත්වන මෙම නගරය සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන්ම හුස්ම හෙලයි. සමාරම්භක සමය පාමුල, වඩාත් අද්දැකීම් ලත් සංචාරකයන් විසින් ළඟා කළ හැක්කේ ඉන්කා පුරුද්දෙහි ලක්ෂණ සොයා ගැනීමෙනි. පුරාණ ඉන්දියානුවන්ගේ ශ්රේෂ්ඨත්වය හා ස්වභාවධර්මය පරිශුද්ධභාවය පිළිබඳ මෙම මතය නැවත නැවත සිහිපත් කරවයි.
අතිශය දරුණු, විනාශකාරී ගිනි කඳු පුපුරා යාම සඳහා වාර්තාවක් ඉන්දුනීසියාවේ පිහිටා ඇති ටම්බෝරයට අයත් වේ. 1815 දී වඩාත් ම බලගතු පිපිරීමෙන් පසු පුපුරා යාමට සති දෙකක් පමණ ගත විය. දින හතරක් තුළ කිලෝමීටර් 500 ක අර්ධකයක් ඇතුලත අකුණු සහිත අළක් නිසා අඳුරු අඳුරු විය. ඉන්දුනීසියානු රජය අනුව, එම ව්යසනයෙන් 70,000 කට අධික පිරිසක් මිය ගියහ.


අපේ රටේ භූමි ප්රදේශය තුළ ශූරයා වන්නේ ගිනි කන්දකි Klyuchevskaya Sopka. එහි උස මීටර් 4835 කි. මුහුදු මට්ටමේ සිට අවසාන කුඩා පුපුරා යාම 2013 අගෝස්තු මාසයේදී වාර්තා විය.

ගිනි කන්ද යනු ස්වභාවයෙන් ම නිර්මාණය වූ ලෝකය හාස්කමකි. කඳුකර කඳු මුදුනට හිම කැටපීඩා සහිත කඳු මුදුන් සහ නොනිමල් ආවාටයන් නිරන්තරයෙන් දැක ගත හැකිය. ක්රියාකාරී ගිනිකොනියක් තමන් විසින්ම රැගෙන යන බවට ඇති විය හැකි අන්තරාය බොහෝ විට සංචාරකයින් අතර කුතුහලයක් සහ ජනප්රියත්වයක් ඇති වී තිබේ. එහෙත් ස්වාභාවික සංසිද්ධිවල අලංකාරය සහ බලය ගෞරවයට පාත්ර විය යුතු ය. මන්ද, පුරාණ ඉන්දියානුවෝ ගිනිකඳු "ශුද්ධ කන්ද" යනුවෙන් හැඳින්වේ.
   2016.06.02 දින
චුම්භකත්වය - මේ පෘථිවිය මතුපිටට පැමිණෙන ස්ථානය මෙයයි. එය සරලයි. එහෙත් මේ වන විට එය මානව ජනාවාස වලට මහා විනාශයක් සිදු කරන නමුත්, එය නොපෙනෙන නමුත් එය අභිමානවත් නොවේ. විශේෂයෙන්ම ලස්සන හා භයානකයි. හැමෝම දැනගත යුතු විශාල ගිනිකඳු වේ.

10. Mauna ලෝආහි - හවායි දූපතේ පැසිෆික් සාගරයේ ගිනි කන්ද, එහි සැබෑ දැවැන්ත ප්රමාණය සඳහා ප්රසිද්ධ, එහි උස මීටර් 4170, නමුත් පිටතට යන ද්රව්ය පරිමාව ඝන කිලෝමීටර් 80,000 වේ. අන්තිම ගිනිකඳු පුපුරා යාම 1984 දී සිදු විය.

9. මධ්යම ඇමරිකාව හා ග්වාටමාලාහි උසම ස්ථානය ටහමුමූකෝ, මුහුදු මට්ටමේ සිට මීටර් 4220 කි. එහි උච්ච දෙකක් තිබේ: කොනේ බටහිර කොටසෙහි තරුණයා සහ නැගෙනහිර දෙසින් පැරණි තැනැත්තියක්. අද වන විට ගිනි කන්ද නිදාගෙන සිටින අතර මෑත පුපුරා යෑම පිළිබඳ තොරතුරු පවා නැත.

8. රේනියර් - වොෂිංටන් ප්රාන්තයේ ගිනිකොන දිග මීටර් 4392 ක උසකින්. කැස්කයිඩ් කඳුකරයේ උසම ස්ථානය එයයි. මෙම ගිනි කන්ද නිදාගන්නා අතර, පසුගිය කුඩා පුපුරා යාම 1854 දී විය. එහෙත් ක්රියාකාරිත්වය 1894 දක්වා ප්රකාශ විය.

7. Klyuchevskaya Sopka යනු මීටර් 5000 ක උසකින් යුත් ක්රියාකාරී ගිනිකොනියක් වේ. Kamchatka අර්ධද්වීපයේ නැඟෙනහිර පිහිටා ඇති එය එය නිරන්තර ක්රියාකාරිත්වයකින් යුක්තය. 2010 දී එය ගුවන් ගුවන් මගින් තර්ජනයට ලක් විය.

6. සංගායි - ඉක්වදෝරයේ ඇන්ඩීස් බෑවුමේ ගිනි කන්දක්. මුහුදු මට්ටමේ සිට උස - මීටර් 5230 කි. කඳුගේ පදනම ඉපැරණි ගිනි කන්දක්නමුත් ඉහළ කොටස - කොන්ක්රීට් කරන තරුණ ගල්. 1728 සිට ඔහු නිරන්තරයෙන් අළු සහ වාෂ්ප ඉවර කළා, අවසාන වසංගතය 1975 දී විය.


5. නෙවාඩෝ ඩි හූයිලා - 5365 මීටර් උසින් පිහිටි ගිනි කන්දක් කොලොම්බියාවේ පිහිටා ඇති අතර එය රටේ ඉහළම ස්ථානයයි. වර්ෂ 2007 වන තුරු, වසර 500 කට වැඩි කාලයක් අක්රියව තිබූ නිසා ගිනිකොණ අවලංගු විය. නමුත් පසුව භූ කම්පන ක්රියාකාරකම් ප්රදර්ශනය කිරීම ආරම්භ විය.

4. ඔරිබාබා - මෙක්සිකෝවේ සංචාරක ආකර්ෂණයක් වන මෙය, මෙය වඩාත් ම ය උස් කන්දක්  රට. එහි උස මීටර් 5700 ක් වන අතර, 1687 දී ගිනි කන්ද පිළිබඳ අවසාන පිපිරීම සිදුවිය. ගිනිකඳු ඉහළම ක්රියාකාරිත්වය XVI - XVII සියවසේදී සිදු විය.

3. Cotopaxi (Cotopashi) යනු වැඩිය ක්රියාකාරී ගිනි කන්දක්   ඉක්වදෝරය, 1738 සිට, එය 50 වාරයක් වඩා පුපුරා ගියේය. 1976 දී අවසන් පිපිරීම. එහි උස මීටර් 5897 කි. මීටර් 4700 කට වඩා ඉහළින් ග්ලැසියර මගින් ආවරණය වී ඇත. සිත්ගන්නාසුළු ආකාරයෙන්, එය ඉතා පරිපූර්ණ කොන් වේ.


සාමාන්ය පුද්ගලයෙකුට "වඳවීයාම්" සහ "නිදාගැනීමේ" ගිනි කන්ද අතර විශාල වෙනසක් දක්නට නැත. ඇත්ත වශයෙන්ම, වෙනස්කම් අතිශයින් වැදගත් ය. මන්ද යත්, කොන්දේසි සහිතව "නිදාගැනීමේ" ගිනිකඳු ආකෘතිය හදිසියේම අවදි කළ හැකි වන අතර එවිට එය කාටවත් නොපෙනේ.
තවත් දෙයක් - සංචාරක සමාගම් සහ එළිමහන් ක්රියාකාරකම් වල නිරත වන අයව ක්රියාශීලීව සුරක්ෂිතයි. වඳවීමේ ගිනි කඳු ප්රධාන ලක්ෂණ මොනවාද?

ගිනිකඳු ගිනි කඳු පිපිරීම - එය වඳ වී යනු ඇත

පුපුරා නිසා මැග්මා දී පැමිණ කුමක්ද, ජල වාෂ්ප නොව විවිධ වායු ක්ලෝරයිඩ් සහ හයිඩ්රජන් ෆ්ලෝරයිඩ් පමණක් නොව, සල්ෆර් ඔක්සයිඩ්, මීතේන්, නයිට්රජන්, කාබන් ඩයොක්සයිඩ්, ආදී
"නිදාගැනීමේ" ගිනි කන්දක් තුළ, මැග්මා තුළ දිය වී ඇති වායුවේ සාන්ද්රණය නිශ්චිත ගැඹුරකින් යුක්ත වන පීඩන මට්ටමට අනුරූප වේ. එබැවින්, සමතුලිතතාව පවත්වාගෙන යනු ලැබේ. 
කෙසේ වෙතත්, බාහිකයේ පැති මාරු වන භූමිකම්පා නිසා, මැග්මා කුටිය ආසන්නයේ පීඩනය අඩු විය හැක. සමතුලිතතා තත්වය උල්ලංඝනය වන අතර වායුමය තත්ත්වයට මාරුවීම හේතුවෙන් වායූන් වහාම වැඩි වේ.
පේශි මැග්මා උෂ්ණත්වයේ ඊටත් වඩා වැඩි පහත වැටීමක් කරා ගමන් කරයි. එබැවින් මැග්මා සිට ගෑස් පරිණාමය කිරීමේ ක්රියාවලිය වේගවත් කිරීම සඳහා යොමු කරයි.
ඒ අනුව, එහි පිබිදීමේ සම්භාවිතාව ශුන්ය වේ.

ලොව සුප්රසිද්ධ ගිනිකඳු ගිනිකඳු ලැයිස්තුවක්


මහාද්වීප හත තුළ කිසිදු තර්ජනයක් නොපෙන්වන ගිනිකඳු, උතුරු ඇමරිකාව, ආසියාව, අප්රිකාව, යුරෝපය, ඇන්ටාක්ටිකාව හා ඕස්ට්රේලියාව යන ස්ථානවල පිහිටා ඇත.

අද වන විට ලොව පුරා ගිනි කන්දක් දෙදහසක් පමණ පවතී. මෙම වර්ගයේ වඩාත්ම සාමාන්ය නියෝජිතයෝ පහත දැක්වේ.

ස්ටෝනි

මෙම වනාන්තරයේ ගිනි කඳු පිහිටා ඇත්තේ කඳීටා අර්ධද්වීපය මතයි. ගිනිකඳු ඉහළම ස්ථානය මුහුදු මට්ටමේ සිට මීටර් 1759 ක් උස වේ.

භූගෝල විද්යාඥයින් පවසන පරිදි, අවසාන වශයෙන් Kamenisty වසර මිලියන දෙකකට පමණ පෙර ක්රියාකාරකම් පෙන්නුම් කර ඇත. ගිනිකොනින් ලාවා ගලා යෑම සහ පයිෙරොක්ස්ටාස් පාෂාණය සෑදීය. මෘදු බෑවුමක ස්වරූපයෙන් ගිනිකඳු ආකෘතිය, ඛාදනය වීමෙන් ඛාදනය වීමෙන් නොව, අධික තණතීරුව සහිතය.

අරාත්

එය පිලිපීනයේ විශාලතම දූපත වන ලුසෝන් පිහිටා ඇත. උසම ස්ථානය මීටර් 1025 කි.


අවසාන වසංගතය සිදුවී ඇත්තේ බොහෝ කලකට පෙර, අවුරුදු 10,000 කට පමණ පෙරය. ආක්රමණයේ උතුරු හා බටහිර පෙදෙස්වල ඇති ඛාදනය තිබියදීත් එය තවමත් ඉහළින් පවතී.

ඩේවවෑන්ඩ් (දමමන්ඩ්)

එය පිහිටා ඇත්තේ ඉස්ලාමීය පළාතේ මැසෙන්ජිරන් ප්රදේශයේ වන අතර එල්බූර් කඳු පද්ධතියේ උසම ස්ථානය (මුහුදු මට්ටමේ සිට මීටර් 5620 ක්) වේ. ක්රි.පූ 5350 පමණ අවසාන වරට පුපුරා ගියේය.

ඇලබර්ස් කිලෝමීටර එකහමාරක් පමණ දුරින් නොගැඹුරු කඳේ රූපාන්තරණය වී තිබේ. ගිනි කඳු කොන් ඉෙසිසිටි ලාවා පැන නැගුනත්, බෑවුම්වල පවා ග්ලැසියර්ද ඇත.

සජ්මා

එය මධ්යම ආසියාවේ බොලිවියාවේ පිහිටා ඇත. මුහුදු මට්ටමේ සිට ඉහළම ස්ථානය මීටර් 6542 කි. චිලී දේශසීමාව අසල පිහිටි කුකුලේ ජාතික උද්යානයක කොටසක් වන සහහමයි.


අවසාන ක්රියාකාරිත්වයේ නිශ්චිත දිනය විශ්වාසදායක ලෙස නොදන්නා නමුත් බොහෝ විද්යාඥයෝ හොලසීන ක්වීනේනර් යුගයේ යුගයේ එනම්, එනම්. වසර 12,000 කට පෙර.
සහමා යනු ඝන ලාවා හා එහි සුන්බුන් වලින් සමන්විත කේතුවක ස්වරූපයෙන් සාම්ප්රදායික stratovolcano වේ. මීටර් 6,000 කට වැඩි උන්නතාංශයකදී එය හිම සහ අයිස් තලා දැමීම ආවරණය නො කරයි.

ඇකොන්කාගුවා

ඒ හා සමාන ඇන්ඩීස් හි පිහිටා ඇති බව සලකනු ලබන ඉහළම වදවූ ගිනි කඳු ලෙස සලකනු ලැබේ. එහෙත් එය දැනටමත් ආර්ජන්ටිනාවට අයත් ප්රදේශයකි. මෙම සමුළු මුහුදු මට්ටමේ සිට මීටර් 6961 ක් පමණ වේ.

ඇකොන්කාගුවා, ඔහු ඔහුගේ සහෝදරයින් අතර වාර්තාකරුවෙකු පමණක් නොව දකුණු හා බටහිර අර්ධගෝලයේ උසම ස්ථානය ලෙස සැලකේ. මෙම කුසලතාවන් සඳහා ඔහු "සෙවන් පීක්" හයෙන් හයෙන් ඉහළම කඳු මුදුනේ ලැයිස්තුවට පිවිසියේය.
ග්රහලෝකයේ පැරණිතම ගිනිකඳු සංයෝගයන්ගෙන් එකක් වන ඇකොන්කාගුවා ද වේ. 
නිශ්චිත දිනයක් නොදන්නා නමුත් බොහෝ විද්යාඥයන් නිගමනයකට පැමිණෙන්නේ එය මිලියන 150 කට පමණ පෙරය.

ගිනි කඳු වසා දැමීමට විනෝදවීම්


සාම්ප්රදායික විනෝද චාරිකාව 1-2 දිනක් පැවැත් වේ. හෙලිකොප්ටර්වල හෝ ඉහළට නැගීමේ කඳු මුදුනට නැඟී යනවා.

සමහර ගිනි කඳු පවා විශේෂ උද්යානවලින් සමන්විතය. සංචාරකයන්ට නැවත්වීමට සහ උස් කඳු මුදුනින් ස්වාභාවික දර්ශන විවෘත කර ගැනීමට හැකි වන පරිදි ඒවාට වින්දනයක් ලබා ගත හැකිය.
වනාන්තර විනාශ වී ඇත්තේ සොබාදහමේ මහා බලය පිලිබඳ ජීවමාන සිහිනය පමණක් නොවේ.


ඔවුන්ට ස්තූතියි විශාල සංඛ්යාවක්  ලෝකයේ ඕනෑම තැනක ඕනෑම අයෙකුට සුදුසු සංචාරයක් සංවිධානය කර, අමතක නොවන අත්දැකීමක් ලබාගත හැකිය.