තනිකම...
බයානක දෙයක්..
දුක හිතෙන දෙයක්..
ඇස් වලට කදුලු ගේන දෙයක්...
ඒ විතරක් නෙවෙයි..
තරහව අවුස්සන දෙයක්...
හැබැයි..
නිවිහැනහිල්ලෙ තනි වෙලා බලපං..
රැල්ලට නෙවේ හදවතට දැනෙන්නම...
එහෙම තනිවෙච්ච එක වෙලාවක...
අහස උඹව සනසයි...
පොළව උඹේ කදුලු භාර ගනී...
අහසේ කුරුල්ලෝ උඹේ තරහා නිවයි..
ඒත් එක්කම උඹේ හදවත උඹට කියයි...
උඹ තනිවෙලා නෑ..
උඹේ දුකට,සතුටට හැම දේටම ඌ උඹත් එක්ක ඉන්නවා කියලා...
අන්න ඒ වෙලාවෙදි...
තේරුම් ගනිං..
තනිකමත් ජීවිතේ හැගීම් ගොන්නෙන් එක හැගීමක් විතරයි...
උඹට තනිකම වදයක්නම්..
නැගිටහං...
තනිකම හයියක් කරගෙන...
මොකද උඹ කොයි විදියට තනිවෙලා කියලා හිතුවත්...
උඹේ හදවත..
කවදාවත් උඹව තනි කරන් නෑ...
