නූතන ගීතය
“රෝස මලේ නටුවේ කටූ - වන බඹරෝ ඔහොම හිටූ...”
නූතනයේ ගීත ගැන කතා කිරීමට පෙර මොහොතකට සිතා බලන්න කුඩා අවධියේ අප කාගෙත් ජනප්‍රියම ගීතය. සින්දුවක් කියන්න යැයි පැවසූ විට නොයෙකුත් ඉරියව් වලින් මේ ගීතය ගැයූ අයුරු සිහිවන විට කොයි කාගෙත් මුවගට සිනහවක් එනවා නොඅනුමානය. හොදින් කල්පනා කර බැලූවිට හය හතර නොදත් අවධියේ ඒ ගැයූ ගීත වලින් අනාගතයට ආදර්ශයක්,උපදේශයක් ව්‍යංගාර්ථයෙන් පවසා ඇත. නමුත් අවාසනාවකට අප නොදැනුවත්වම මහා සැඩ සුළගකට එක් දෙසකට ගසාගෙන යන කුණු රොඩු ගොඩක් මෙන් අප සියළු දෙනා රසයක් නැති හිස් මාවතකට වැටී හමාරය. දැන් ඔබ අප සැම ඒ හිස් මාවතේ හිස් හදවත් ඇත්තවුන් වී ඇති බව පිළිගත යුතු ම සත්‍යයකි.
ගීතය යනු එක්තරා ආකාරයක භාවනාවකි. එකී භාවනාව දැන් විහිළුවකි. ඛේදවාචකයකි. අද තරුණ පරපුරේ අයෙකුගේ දුරකථනයක පැරණි ගීතයක් වැරදීමකින් හෝ තිබෙනු දැක ගත නොහැකි ය. වචන පෙළක් ඉතා සරලව ලියා තනුවක් දමා ගැයූ පමණින් එය ගීතයක්යැයි වැළද ගන්නා පරපුරක් දැන් බිහි වී හමාරය. මේ සියල්ල නිර්මාණය වන්නේ මනස සමගයි. තර්කානුකූල චින්තනයක්,කලාත්මක චින්තනයක් නැති රසයක් නොහදුනන පරපුරකට අමු අමුවේ අර්ථ ප්රකාශනයක් මිස ව්‍යංගාර්ථයක් රසවත්ව වටහා ගැනීමට තරම් දියුණු මනසක් නැත. එබැවින් අමරදේවයන්ගේ,කපුගේ ගේ,ටී.එම් ජයරත්නයන්ගේ ගීත අද පරපුරට රුස්සන්නේ නැත. ඔවුන් වැළදගන්නේ රසිකයාට සිතන්නට කිසිවක් හෝ ඔවදනක් හෝඅඩුම තරමින් සියුම් රසාස්වාදයක්වත් උරුම කර නොදෙන ශෛලියකින් රචනා කර ඇති ගීතයි. අද විරහව නිසා සියදිවි නසා ගත්තත් එදා විරහව තුළත් සුන්දරත්වයක් ගැබ් කරන්නට එදා ගීත රචකයා සැබැවින්ම සමත් වී තිබුණි. එදා විරහව නිසා සිත තුළ උපන් දුක ඉතාමත්ම සුන්දර අයුරින් වචනයට පෙරළීමට තරම් දියුණු මනසක් මිනිසාට විය. තම පෙම්වතිය හැර ගිය මොහොතක එදා ‘විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ පයට පොඩි වී ගියාදෙන්..පතිකුළයට අද මට පිටු පා යන මගේ සොදුරු ළදුනේ..’යැයි පවසා රිදෙන හදවත සුවපත් කර ගත්තද අද ඒ වෙනුවට නූතන පරපුර අතර ගැවසෙන්නේ පොළවේ වැළලෙන බව පවසමින් හඩා වැටෙන අදෝනා නොවේද...?
අද ගීතය විරහව යන තේමාවට පමණක්ම සීමා වී ඇත. කෙසේ වෙතත් සමාජයේ වැඩි වශයෙන්ම පවතින්නේ ආදරයේ විරහව මිස ආදරයේ සුන්දරත්වයක් නොවේ. හදවතේ සුන්දරත්වයක් නොමැතිව ජීවිතය සුන්දර කර ගන්නේ කෙසේද? සියල්ල රදා පවතින්නේ හදවතේ ස්වභාවය මතයි. සිතා බලන්න..සාමකාමී,සොදුරු,සියල්ල මැදහත් සිතින් දරා ගත හැකි හදවතක් අදෝනාවකින් බිහි වන්නේ කෙසේද?
‘ආදරයේ උණුහුම ලග දුක දැනෙන්නේ නෑ
දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නේ නෑ
ජීවිතයේ හැමදාමත් සැප රැදෙන්නේ නෑ
සිනහා වෙවී සිනහා වෙවී කල් ගෙවන්න බෑ’
මෙවැනි ගීතයකින් සවනට ලබා දෙන මිහිර, ආදර්ශයක් ද රසයක් ද හදවත් තුළ ජනිත කරයි. එතුළින් සොදුරු මිනිසෙක් බිහි වේ. නමුත් අද මුදලට යට වී තිබෙන කලාව පහසුවෙන්ම වචන දෙක තුනක් ගලපාගෙන නිර්මාණයක් කරනවා මිස එතුළින් හරවත් යමක් සමාජයට දීමට උත්සහ නොගනී. කවියේ කෝෂ්ඨාගාරය යැයි කීවත් වරදක් නැති ‘ප්රබුද්ධ’ කාව්‍යමය ග්‍රන්ථයේ මහගමසේකරයන් පවසා ඇත්තේ,
‘වැඩ ඇරී එන කලට ඔබ සමග
සෙනග පිරී ගිය දුම්රියක
අහුලාගෙන හිස් සිගරට් පැකට්ටුවක්
ඒ මත පැන්සල් කෙටියකින්
කුරුටු ගාන්නට මට ඇත කවියක්’
කවිය,ගීතය යනු හදවතේ පෙළගැසෙන සිතුවිලි පෙළකි. එය ඉතා සෞම්‍ය විය යුතු මිස වැලපීමක් නොවිය යුතුය. සියල්ලටම පෙර අප තුළ නිදාසිටින ‘රහක් අදුනන කලාකරුවා’ අවදිකර ගත යුතුය. එතැන් සිට ඉදිරි පරපුරට රසවිදිය හැකි ගීත කලාවක් ගොඩ නැගිය යුතුය. එවිට පැරණි සුභාවිත ගීත තරුණ පරපුර සමග මුසුවන දිනයක් ඉක්මනින්ම උදාවෙනවා නොඅනුමාන ය.
එච්.ජී.දිල්කි තරංගනී
💓💓
ReplyDeleteGreat 👍👍
ReplyDeleteMaru
ReplyDelete😍😍😍
ReplyDelete❤❤👌👌
ReplyDelete👍👍👍👍
ReplyDelete👍 👍 👍 👍
ReplyDeleteSuper
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete��������������
ReplyDelete🤗🤗🤗
ReplyDelete👍
ReplyDelete